කෙසෙල්
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Musa
pardisiaca
·
ඖෂධීය ගුණ -
මුත්‍රා රෝග, පිත් රෝග, කෙසෙල් අල විෂ නාශක ගුණයෙන්
යුක්තයි. කැස්සට, ග්‍රහණි රෝග වලට, කොළරා රෝගයට කෙසෙල් බඩ ගුණ දායක වේ.
කෙසෙල් බඩ ව්‍යංජනය
අවශ්‍ය
ද්‍රව්‍ය
ü කෙසෙල්
බොඩ
ü දියකිරි
කෝපප 02
ü මිටිකිරි 1 ½
ü රතුලුණු
ü අමු
මිරිස්
ü සුදු
ලූණු
ü කරපිංචා
ü වියළි
මිරිස්
ü මිරිස්
ü කහ
ü අබ
ü ලුනු
ü පොල්
මිටක්
ü පොල්
තෙල්
සාදන
ක්‍රමය
කෙසෙල්
බොඩ කොටු හැඩයට කපා ලුණු වතුරට දමා තබා නැවත වතුරෙන් සෝදා කහ, මිරිස් කුඩු, ලුණු,
කරපිංචා, දියකිරි එකතු කර කලවම් කර වසා ලිපේ තබන්න. අබ සහ සූදුරු, වතුර එකතු කර
කුඩු කරන්න. පසුව ගාගත් පොල් ද එකතු කර මිශ්‍රණය සදා ගන්න. වතුර සිදුණු කෙසෙල් බොඩ
මාලුවට මිටිකිරි හා පොල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ පිස ගන්න. සුදුලූණු, රතු
ලූණූ, කරපිංචා, වියලි මිරිස්, උම්බලකඩ එකතු කර රන්වන් පාට වූ පසු කෙසෙල් බොඩ මාලුව මද ගින්දරේ නැවත පිස ගන්න.
ලාවුළු
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Polyaltha acuminata
·
ඖෂධීය ගුණ -
රක්තහීනතාවය
අවම කරයි. මොළයේ සෞඛ්‍ය තත්ත්වය වැඩ දියුණු කිරීම හා ඇල්සයිමර් රෝගය හා
ඩිමෙන්ෂියාව වැනි ස්නායු පද්ධතියේ ආබාධ වළක්වා ගැනීමට උපකාරී වේ. කොලෙස්ටරෝල් වලට
ගුණදායකය. ප්රතාශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරයි. දියවැඩියාව වළකයි. සම පැහැපත් වේ.
කෙස් වර්ධනය වේ. පිළිකා සෛල නසයි.
ලාවුළු පිට්ටු
අවශ්‍ය
ද්‍රව්‍ය
ü ලාවුලු
ගෙඩි
ü ගාගත්
පොල්
ü හාල්
පිටි 250 g
ü ලුණු
සාදන
ක්‍රමය
ලාවුලු
ගෙඩිය සිහින්ව ගාගන්න .ලුනු, පොල්, ගාගත් ලාවුලු, හාල් පිටි එකතු කර අනා පිට්ටුව
සකසා තම්බා ගන්න.
අට්ටික්කා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Ficus
racemosa
·
ඖෂධීය ගුණ -
රක්ත
අතීසාරය, රත්පිත්, වේදනා, වණ, තුවාල, ස්ත්‍රී රෝග, දියැවඩියාව, විදුරුමස් ඉදිමීම,
මුත්‍ර රෝග, අතීසාරය, අර්ශස්, පාචනය, මුඛ දුර්ගන්ධය ආදී රෝග රැසකට ගුණදායකය.
අට්ටික්කා ව්‍යංජනය
අවශ්‍ය
ද්‍රව්‍ය
සාදන
ක්‍රමය
පළමුව
අට්ටික්කා ගෙඩි පුපුරන තෙක් තම්බා ගන්න. තැම්බු පසු අට්ටික්කා ගෙඩියේ මදය ඉවත් කර
ගන්න. කරපිංචා, රම්පේ, සුදු ලූණූ, අමු මිරිස් තෙම්පරාදුව සකස් කර තුනපහ, මිරිස්,
කහ කුඩු සහ අට්ටික්කා පොතු එකතු කර ටික වෙලාවකට පසු තක්කාලි එකතු කර මද ගින්නේ පිස
ගන්න
ගොරකා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Garcinia morella
·
ඖෂධීය ගුණ -
දියවැඩියාවට
ගුණදායකය. අහිතකර කොලෙස්ටරොල් නැති කරයි. ප්‍රතිශක්තිකරණය ලබා දෙයි. ස්ථුලතාවය අඩු
කරයි. පිළිකා සෛල නසයි. ශරීරයේ කොටිසෝල් මට්ටම අඩු කරන බැවින් කාංසාවට බෙහෙතකි.
මානසික පීඩනය අවම කරයි. තෙහෙට්ටුව සමනය කරයි.
ගොරකා බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü අමු
ගොරකා 100 g
ü සුදු
ළූණු 10g
ü ගම්මිරිස්
කුඩු g
ü ලුණු
ස්වල්පයක්
ü වතුරු
කෝප්ප 3 ක්
සාදන
ක්‍රමය
ගොරකා,
සුදුළූණූ, ගම්මිරිස් කුඩු හා ලුණු භාජනයකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. මිශ්‍රණය
ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 ක් පමණ තම්බා ගන්න. පසුව මිශ්‍රණය හොඳින්
පෙරා පානය කරන්න.
නිල් කටරොළු
·
උද්භිද විද්‍යාත්මක නාමය - Clitoria Ternatea
·
ඖෂධීය ගුණ -
මතක ශක්තිය වර්ධනයට, මානසික පීඩනය පාලනයට හා සමෙහි කොලැජන් නිෂ්පාදනය ඉහළ
නංවන නිසා තරුණ බව රැකදෙයි. අජීර්ණ තත්ත්වයන්
සමනය කරයි. දියවැඩියාව පාලනය කරයි.
එමෙන්ම අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල් වලට ගුණදායකය.
නිල් කටරොළු මල් බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü නිල්
කටරොඩු මල් 3
ü සුදු
සීනි තේ හැඳි 1
ü උතුරන
වතුර වීදුරු 1
සාදන
ක්‍රමය
කටරොඩු
මලෙහි කොළ පැහැති කොටස ඉවත් කරන්න. උතුරන වතුර වීදුරුවට එම මල් දමා විනාඩි 20 ක්
පමණ තබන්න. වතුර වීදුරුව නිල්පැහැ වූ පසු පෙරනයකින් පෙරා මල් ඉවත් කරන්න. නිල්
පැහැති වතුර වීදුරුවට සීනි දමා මිශ්‍ර කරන්න.
ඇඹරැල්ලා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Spondias
dulcis
·
ඖෂධීය ගුණ -
සීනි
පාලනය කරයි. අස්ථි වල හා දත් වල නිරෝගී බව
ආරක්ෂා කරයි. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ස්ථුලභාවය වළක්වයි. කොලෝස්ටරෝල්
පාලනය කරයි. ඇස් පෙනීමේ දුර්වලතා මග හරවයි. හෘදයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා
ගැනීමය උපකාරී වේ.
ඇඹරැල්ලා බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü ඇඹරැල්ලා
ගෙඩි 3ක්
ü සීනි
තේ හැඳි 3ක්
ü ලුණු
ස්වල්පයක්
ü වතුර
500 ml
සාදන
ආකාරය
ඇඹරැල්ලා
ගෙඩි වල පොතු ඉවත් කර හොඳින් සෝදන්න. පසුව ඇඅඹරැල්ලා ගෙඩි කැබලි කර ගන්න. කැබලි කර
ගත් ඇඹරැල්ලා භාජනයකට දමා එයට සීනි, ලුණු හා ජලය එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර
ගන්න. පසුව මිශ්‍රණය පෙරා පානය කරන්න.
සියඹලා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Tamarindus indica
·
ඖෂධීය ගුණ -
ආහාර
වල යකඩ හොඳින් සිරුරට අවශෝෂණය කරයි. ආහාර රුචිය වඩවයි. පිපාසය, දාහය දුරු කරයි.
සියඹලා බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü හොඳින්
ඉදුණු සියඹලා
ü ලුණු
ස්වල්පයක්
ü සීනි
ü කුරුඳු
කුඩු ස්වල්පයක්
ü වතුර
සාදන
ක්‍රමය
හොඳින්
ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොඳින් පොඩි කර ගන්න. එයට අවශ්‍ය පමණ වතුර දමා පෙරා ගෙන ලුණු, සිනි
හා කුරුඳු කුඩු දමා ශීත කර හෝ අයිස් කැට දමා පානය කරන්න.
කෝමාරිකා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Aloe barbadensis miller
·
ඖෂධීය ගුණ
අම්ල
පිත්ත (ගෑස්ට්‍රයිටීස්) වලට ඉතා ගුණය, ශරීර දාහය පිපාසය නැති කරයි. උණට, මුත්‍රා
නොයාමට, අක්මා රෝග වලට හිතකරයි. රුව වඩවයි.
කෝමාරිකා බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü කෝමාරිකා
පිත්තක්
ü ජලය
ü සීනි
ü දෙහි
සාදන
ක්‍රමය
කෝමාරිකා
පිත්තක් ගෙන කොළ පැහැති පිට පොත්ත හොඳින් ඉවත් කර න්න. එහි ජෙලි වැනි කොටස සූරා
ගෙන හොඳින් සෝදා කැබලි වලට කපා ගන්න. එය බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි,
ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශිත කර හෝ අයිස් කැට දමා බීමට ගන්න.
වදමල් බීම
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Hibiscus amottii griff. ex Mast
·
ඖෂධීය ගුණ -
රත්පිත්
හා අම්ලපිත්ත රෝග (ගෑස්ට්‍රයිටීස්) වලට හිතකරයි. ළදරුවන්ගේ රතරෝග, බිබිලි හා සමේ
රෝග වලට ගුණදායකයි.
වදමල් බීම
අවශ්‍ය
ද්‍රව්‍ය
ü රතු
පොකුරු වද මල් කිහිපයක්
ü ජලය
ü සීනි
ü ලුණු
ස්වල්පයක්
ü දෙහි
ස්වල්පයක්
සාදන
ක්‍රමය
රතු
පොකුරු වද මල් කිහිපයක් ගෙන උතුරන වතුරට දමන්න.එම මල් සුදු පැහැ වන විට මල් ඉවත්
කර රත් පැහැ වුණු ජලයට සීනි, ලුණු දමා අවශ්‍ය පමණට දෙහි යුෂද එක්කර උණුසුම්ව හෝ
සිසිල් කර පානය කරන්න.